බලංගොඩ, බැංකියාවත්ත ප්රදේශයේදී තාප්පයක් කඩා වැටී ඊට යටවීමෙන් 07 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සෙල්වරාජ රවිදු රක්ෂාන් නම් එම ප්රදේශයේ පදිංචිව සිටි දරුවෙක්.
අද (21) පෙරවරු 11.30ට පමණ නිවස ඉදිරියේ තාවකාලිකව සාදා ඇති තාප්පය අසළ මෙම දරුවා රැඳී සිටියදි, එම තාප්පය කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.










