ත්‍රිරෝද රථයෙන් මත්ද්‍රව්‍ය බෙදූ තිදෙනෙක් මාට්ටු

අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා අලෙවි කිරිමේ ජාවාරමක නිරතව සිටි තරුණයන් තිදෙනෙක් ඊයේ (16) දින පස්වරුවේ ගිනිගත්හේන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රිරෝද රථයක් යොදා ගෙන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ගිනිගත්හේන පොලිසිය වෙතට ලද තොරතුරක් මත සිදු කළ මෙහෙයුමකින් ගිනිගත්හේන, බ්ලැක්වෝටර් ප්‍රදේශයේදි ත්‍රීරෝද රථයේ රියදුරු සහ තවත් පුද්ගලයක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වර්තාවන්නේ.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ගංජා ඇසුරුම් කළ පැකට් 15 සහ අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් ඔවුන් සතුව තිබි සොයා ගත් බව පොලිසිය පවසනවා.

එම සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරිමේදි අයිස් මත්ද්‍රව්‍ය ඔවුන්ට ලබා දුන් ජාවාරම්කරුගේ තොරතුරු අනාවරණය කර ගෙන ඇති අතර එම සැකකරු ද වටවල ප්‍රදේශයේ නිවසක රැදී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර එම නිවස පරික්ෂා කිරිමේදි නිවස තුල අලෙවි කිරිමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්රෑම් 6,190ක් පැකට් 70ක් තුළ තිබියදී සොයා ගත් බවයි පොලිස් නිළධාරින් වැඩිදුරටත් පවසා සිටියේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනා අවුරුදු 20 – 25ත් අතර වයස් කාණ්ඩ වල පසුවන බවත්, ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබා ගෙන තෝරා ගත් ස්ථානවල මත්ද්‍රව්‍ය තබා යන බවයි මූලික පරික්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් තිදෙනා, මත්ද්‍රව්‍ය සහ අදාළ ත්‍රීරෝද රථය අද (17) දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ජන සටන අතාරින්නේ නැහැ මර්දනයට බය වෙලා - අනුරාධපුරයට දහස් ගණනක් එනවා
01:57
Video thumbnail
කවුද දැන් ගල් අඟුරු නැව් දෙක ගිල්ලේ ?නාමල් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..නැව් දෙකක් අතුරුදහන් කරලා
03:10
Video thumbnail
අදත් හිරේ ඉදලා ඇවිත් නාමල් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - මාළුවට SMS යවනවා ධීවරයා එනවා පලයන් කියලා
05:19
Video thumbnail
රන් ආලේපිත ගිනි අවියේ සිද්ධියට දුමින්ද දිසානායකට අධි චෝදනා භාර දෙයි
01:25
Video thumbnail
මුජිබුර්ගේ හෙළිදරව්වෙන් ආණ්ඩුවට කට උත්තර නැතිවෙයි ? බලහත්කාරයෙන් පිළිගන්න කියලා බලපෑම් කරනවා
09:02
Video thumbnail
සජිත් පාර්ලිමේන්තුවේ නැගිටලා ආණ්ඩුවෙන් එක දිගට ප්‍රශ්න කරයි - නවතම නිල පුරෝකථනය කුමක්ද ?
08:48
Video thumbnail
සජිත් හදිසියේම ගිහින් උතුරු නැගෙනහිර හා වතු ප්‍රජාවනියෝජනය කරන මන්ත්‍රීවරු හමුවෙයි
02:40
Video thumbnail
මුජිබුර් කථානායකට හොඳම එකෙන් අමතයි - "සහතිකය ඕනි නෑ රන්වලව ගෙනත් වාඩිකරන්න මෙතන.."
04:25
Video thumbnail
ඇමති බිමල් - විපක්ෂ නායක සජිත්ව අගයයි - මාස 6කට කළින් ඉදිරිපත් කරලා..උනන්දුව අගය කරනවා
03:06
Video thumbnail
දයාසිරි පාර්ලිමේන්තුවේ උණුසුම් වෙයි - "ඔයාට අහගෙන ඉන්න බැරිනම් එළියට යන්න"
05:54