තවත් පාසල් විභාග ප්‍රශ්න පත්‍ර කිහිපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරලා

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සිසුන්ට ලබාදීමට සැලසුම් කර තිබූ පාසල් වර්ෂ අවසාන වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර කිහිපයක් ඊයේ රාත්‍රියේ සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ගුරුවරුන් කිහිප දෙනෙකු අද දිනයේදී ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක්ද ගොනු කළා.

බස්නාහිර පළාතේ පාසල්වල වර්ෂ අවසාන ඇගයීම් විභාග මේ දිනවල පැවැත්වෙනවා.

ඒ යටතේ 10 සහ 11 ශ්‍රේණිවල සිසුන් සඳහා වූ විද්‍යාව විෂය සඳහා වන විභාගය අද  පැවැත්වීමට සැලසුම් කර තිබුණා.

කෙසේ වෙතත්, බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන 10 ශ්‍රේණියේ විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය සහ 11 ශ්‍රේණියට අදාළ විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රය ඊයේ රාත්‍රී 7ත් 8ත් අතර කාලයේදී සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.

හෝමාගම, මොරටුව සහ ගම්පහ ප්‍රදේශවල සිසුන් වෙත මෙම ප්‍රශ්න පත්‍රය ලැබුණු බව වාර්තා වුණා..

එසේම, අද සිසුන්ට ලැබී ඇත්තේද ඊයේ රාත්‍රියේ මෙලෙස සමාජ මාධ්‍යයේ හුවමාරු වූ ප්‍රශ්න පත්‍රයම බව තහවුරු වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ගුරුවරුන් පිරිසක් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !