AFC Banner
AFC Banner
Empty Ad

තම සියවන එක්දින තරගයේ දී හෝප්ගේ පිත්තෙන් ශතකයක්

බටහිර ඉන්දීය කොදෙවේ කණ්ඩායම සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී ජය ගන්නට ඉන්දීය කණ්ඩායමට ඊයේ (24) හැකියාව ලැබුණා.

ඒ, දෙරට අතර පැවති දෙවන එක්දින තරගය කඩුලු දෙකකින් ජය ගැනීමත් සමඟයි.

මෙම තරගය කොදෙව් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක ෂායි හෝප්ගේ සියවන ජාත්‍යන්තර එක්දින තරගයවීම ද විශේෂත්වයක්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 06කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 311ක්.

එහිදී තම ක්‍රිකට් දිවියේ සියවන ජාත්‍යන්තර එක්දින තරගයට ක්‍රීඩා කළ ෂායි හෝප් ශතකයක් රැස්කරමින් සිය කණ්ඩායමට දායකත්වය ලබා දුන්නා.

ඔහු පන්දු 135කට මුහුණ දෙමින් ලකුණු 115ක් රැස්කළ අතර ඊට හතරේ පහර 08ක් සහ හයේ පහර 03ක් ඇතුළත්.

ඊට අමතරව නායක නිකලස් පූරන් පන්දු 77කදී ලකුණු 74ක් රැස්කළේ දැවැන්ත හයේ පහර 06ක් ද සමඟින්.

පන්දු යැවීමේ දී ෂර්දුල් තාකූර් කොදෙව් කණ්ඩායමේ කඩුලු 03ක් බිඳ දැමීමට සමත් වුණා.

ලකුණු 312ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය පිතිකරුවන් අදාල ඉලක්කය පන්දුවාර 49යි පන්දු 04ක් තුළ පසුකර ගියේ කඩුලු 08ක් දැවී තිබියදීයි.

ඉන්දියාව වෙනුවෙන් ශ්‍රෙයාස් අයියර් ලකුණු 63ක් රැස්කළ අතර සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය අක්සාර් පටෙල් නොදැවී ලකුණු 64ක් රැස්කළේ හයේ පහර 05ක් සහ හතරේ 03ක් සමඟින්.

මෙම තරගයේ ජයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස ඉන්දියාව පෙරමුණ ගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩිපුර වන්දි ගන්න ඒ ගෙවල්වල මැණික් තිබ්බා කියලා දාලා
08:03
Video thumbnail
පක්ෂ දෙක එකතු වෙනවට හිරුණිකා කැමති නෑ - උම්මත්තක සංවිධායකවරියක්
11:41
Video thumbnail
ගෙවල් ගිනි තියපු අයගේ ලැයිස්තුව අපි හෙළිකරන්නම්
12:57
Video thumbnail
ඇල්ටෝ එකක් ලක්ෂ 60යි - විට්ස් ගේන්නේ නෑ
09:04
Video thumbnail
ආණ්ඩුවේ නොහැකියාවට චන්දිම වීරක්කොඩි රිදෙන්නම දෙසයි.
03:59
Video thumbnail
වන්දි මුදල් ලබා ගැනීමේ අරමුණින් - ගෙවල් තමන් විසින්ම ගිනි තියා ගත්තද?
10:01
Video thumbnail
ප්‍රදීප් නිලංග දෑලගේ පැටිකිරිය එළියට - දළඳා මාලිගාවේ රත්තරං පිළිම 28ක් අතුරුදන් ?
04:38
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
27:01
Video thumbnail
අස්වැසුම ලාභීන්ට පෝලිමේ ඉන්න වෙනවා? මෙන්න අලුත්ම අනාවරණය
14:01
Video thumbnail
ගොවි බිමටම ගිහින් ගොවියන්ට කියලා දීපු පාඩම
05:44

?