කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වාවන මුහුදු ප්‍රදේශ සඳහා මෙම නිවේදනය වලංගු වනවා.
ඒ අනුව මන්නාරම හරහා කන්කසන්තුරය සිට හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා ඉහළ යන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළුවන බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0-2.5 ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතිනවා.
එබැවින් ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.













