බංග්ලාදේශයට 2027 මූල්ය වර්ෂයේ පළමු කාර්තුවේදී විදේශ ණය වශයෙන් ලැබුණු සෑම ඇමරිකානු ඩොලරයකටම ඩොලර් 2.04ක මුදලක් පැරණි ණය සහ පොලී ගෙවීම සඳහා වැය කිරීමට සිදුව තිබෙනවා.
එරට ආර්ථික සබඳතා අංශය නිකුත් කළ තාවකාලික දත්තවලට අනුව, ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ බංග්ලාදේශය විදේශ ණය සහ පොලී වශයෙන් ඩොලර් බිලියන 1.35ක් ගෙවා ඇති අතර, එම කාලය තුළ අලුතින් ලැබී ඇති විදේශ ණය සහ ආධාරවල වටිනාකම ඩොලර් මිලියන 662.31ක්.
පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව විදේශ ණය ගෙවීම් සියයට 5.6කින් ඉහළ ගොස් ඇති අතර, අලුතින් ලැබුණු විදේශ ණය ප්රමාණය සියයට 42.3කින් පහත වැටී තිබෙනවා.
මෙම තත්ත්වය හමුවේ රජයේ සංවර්ධන ව්යාපෘති සඳහා අවශ්ය මුදල් සපයා ගැනීම සහ රාජ්ය මූල්ය කළමනාකරණය දැඩි පීඩනයකට ලක්විය හැකි බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙනවා.
විශේෂඥයන් පෙන්වා දෙන්නේ ඉදිරි වසර දෙක තුන තුළ ණය ආපසු ගෙවීමේ බර තවදුරටත් ඉහළ යා හැකි බවයි.
විදේශ ණය සහ ආධාර ප්රමාණවත් නොවන්නේ නම්, රජයට දේශීය වශයෙන් වැඩි වශයෙන් ණය ලබා ගැනීමට සිදුවිය හැකි බවත්, එමගින් උද්ධමනය ඉහළ යාමට සහ පෞද්ගලික අංශයට ණය ලබාගැනීම සීමා වීමට ඉඩ ඇති බවත් ඔහු අනතුරු අඟවා තිබෙනවා.
මේ අතර, ලෝක බැංකුවේ ජාත්යන්තර සංවර්ධන සංගමය සහ ආසියානු සංවර්ධන බැංකුව අදාළ කාර්තුවේදී බංග්ලාදේශයට වැඩිම විදේශ මූල්ය ආධාර ලබාදුන් ආයතන අතරට එක්ව තිබෙනවා.
විදේශ ණය සහ ආධාර සඳහා නව ගිවිසුම්වල වටිනාකම ඉහළ ගියද, එම මුදල් සැබෑ ලෙස ලැබීමේ ප්රමාදයන් පවතින බව ද වාර්තා වනවා.
ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ නව වැඩසටහනක් පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බංග්ලාදේශයට, ඉදිරි මූල්ය අවශ්යතා සපුරා ගැනීම සඳහා එම සාකච්ඡා සාර්ථක කර ගැනීම වැදගත් වනු ඇති බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙනවා.
