Thursday, January 9, 2025
Empty Ad
AFC Banner
AFC Banner

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ විලියම් කුමරු අතර හමුවක්

ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වේල්සයේ කුමරු වන විලියම් කුමරු අතර විශේෂ හමුවක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රංශයේ නෝත්‍රඩෑම් දේවස්ථානය යළි මහජනතාවට විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වීම සඳහා ප්‍රංශයට පැමිණි අවස්ථාවේ දී මෙම හමුව සිදුව ඇති බවයි.

විලියම් කුමරු සහ ට්‍රම්ප් පැරිසියේ පිහිටි බ්‍රිතාන්‍ය තානාපතිවරයාගේ නිවසේදී හමුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එහිදී විලියම් කුමරු විසින් යළි ඇමරිකානු ජනධිපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබපැතුම් එක්කර තිබෙනවා.

මොවුන් දෙදෙනා මීට පෙර එකිනෙකා හමුව ඇත්තේ 2019 වසරේ වන අතර, ඒ ට්‍රම්ප් ජනාධිපති ලෙස කටයුතු කළ කාලයේ එක්සත් රාජධානියේ සිදුකළ නිල සංචාරයක දීයි.

මීට වසර පහකට පෙර ගින්නකින් විනාශයට පත් වූ ලෝක ප්‍රසිද්ධ ප්‍රංශයේ නෝත්‍රඩෑම් දේවස්ථානය රතිසංස්කරණය කිරීමෙන් පසු යළි මහජනතාව සඳහා විවෘත කිරීම පසුගිය දා සිදු කෙරුණා.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනධිපතිවරයා, විලියම් කුමරු ඇතුළුව තවත් ලෝක නායකයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?