ඩොනල්ඩ් ට්‍රම්ප් සහ විලියම් කුමරු අතර හමුවක්

ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වේල්සයේ කුමරු වන විලියම් කුමරු අතර විශේෂ හමුවක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රංශයේ නෝත්‍රඩෑම් දේවස්ථානය යළි මහජනතාවට විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වීම සඳහා ප්‍රංශයට පැමිණි අවස්ථාවේ දී මෙම හමුව සිදුව ඇති බවයි.

විලියම් කුමරු සහ ට්‍රම්ප් පැරිසියේ පිහිටි බ්‍රිතාන්‍ය තානාපතිවරයාගේ නිවසේදී හමුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එහිදී විලියම් කුමරු විසින් යළි ඇමරිකානු ජනධිපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබපැතුම් එක්කර තිබෙනවා.

මොවුන් දෙදෙනා මීට පෙර එකිනෙකා හමුව ඇත්තේ 2019 වසරේ වන අතර, ඒ ට්‍රම්ප් ජනාධිපති ලෙස කටයුතු කළ කාලයේ එක්සත් රාජධානියේ සිදුකළ නිල සංචාරයක දීයි.

මීට වසර පහකට පෙර ගින්නකින් විනාශයට පත් වූ ලෝක ප්‍රසිද්ධ ප්‍රංශයේ නෝත්‍රඩෑම් දේවස්ථානය රතිසංස්කරණය කිරීමෙන් පසු යළි මහජනතාව සඳහා විවෘත කිරීම පසුගිය දා සිදු කෙරුණා.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනධිපතිවරයා, විලියම් කුමරු ඇතුළුව තවත් ලෝක නායකයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14