spot_imgspot_img

ඩයනාගේ ඇදුමක් ඩොලර් මිලියනයකට වෙන්දේසි වෙයි

“Black Sheep Sweater” ලෙස ප්‍රසිද්ධව ඇති ඩයනාට අයත් ව තිබූ, බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ රසිකයින් අතර සුප්‍රසිද්ධ සුදු පැහැ බැටළුවන් සිටින රතු පැහැ කබාය ඩොලර් මිලියන 1.1ක මුදලකට සොතබීස් වෙන්දේසි සමාගමේ නිව්යෝර්ක් ප්‍රදර්ශනාගාරයේ දී වෙන්දේසි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සොතබීස් සමාගම අපේක්ෂා නොකළ මුදලකට අලෙවි වී තිබෙනවා.මෙම කබාය මසා නිම කර ඇත්තේ රතු පැහැ කබාය මත සුදු බැහැ බැටළුවන් සිටින අයුරු දිස් වන ආකාරයි. එහි එක් තැනක කළු පැහැ බැටළුවෙක් ද දැක ගත හැකිවේ.

මෙය බ්‍රිතාන්‍යයේ Warm And Wonderful සමාගමේ නිෂ්පාදනයකි.1981 වසරේ ඔවුන් දෙපළගේ විවාහ මංගල්‍යයට මසකට පෙර ඩයනා කුමරිය පළමු වරට මෙම කබාය පැළඳ ඇත්තේ චාල්ස් කුමරු ක්‍රීඩා කළ පෝලෝ තරගයක් නැරඹීමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?