ටී – 56 උණ්ඩයක් සමග විශ්‍රාමික හමුදා සෙබළියක් ගුවන්තොටේ දී අත්අඩංගුවට (ඡායාරූප)

ඩුබායි වෙත පිටත්ව යාම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විශ්‍රාමික ගුවන් හමුදා සෙබළියකගේ අත් බෑගයෙහි තිබී ටී – 56 උණ්ඩයක්
සොයාගෙන තිබෙනවා.

ගමන් මළු පරිලෝකන යන්ත්‍ර (Scan Test ) පරීක්ෂා කිරීම සිදු කරමින් සිටිය දී ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් එය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුව එය වැඩි දුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

අදාල විශ්‍රාමික ගුවන් හමුදා සෙබළිය කුරුණෑගල – නිකදළුපොත, හිරිපිටිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි තැනැත්තියක්.

ඩුබායි ජීවත්වන සිය සහෝදරිය බැලීමට යාම සඳහා ඇය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි වාර්තා වන්නේ.

එහිදී ඇය ප්‍රකාශයක් ලබා දෙමින් පවසා තිබෙන්නේ මෙම උණ්ඩය තම අත් බෑගය තුළට පැමිණි ආකාරය පිළිබඳව තමාට ද අවබෝධයක් නොමැති බවයි.

ඉන්පසුව එම කාන්තාව සහ ජීව උණ්ඩය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

මෙම විශ්‍රාමික සෙබළිය අද (01) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

IMG 20240901 WA0114
IMG 20240901 WA0116 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12