බන්ධනාගාර ගත කරන සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා මහා සංඝ රත්නය සහ ගිහි පිරිසක් විසින් ආරම්භ කළ නිදහසේ පාද යාත්රාව අද (14) දිනයේදීත් ක්රියාත්මක වනවා.
ඒ පස්වන දිනටයි.
ඊයේ (13) හතරවන දිනට වරකාපොළ නගරයෙන් ආරම්භ කළ පාද යාත්රාව නිට්ටඹුව නගරයෙන් නිමාවට පත් වුණා.
අද (14) දිනයේදී නිදහසේ පාද යාත්රාව නිට්ටඹුව නගරයේ සිට කඩවත දක්වා ගමන් ගන්නවා.
