ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනයට නව ප්‍රධාන නිලධාරි‍යෙක් – අමාත්‍යාංශය කිහිපයකටත් අලුත් මුහුණු

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනයේ ප්‍රධාන නිලධාරී ලෙස ආචාර්ය මුදිත දර්ශන සෙනරත් යාපා මහතා පත් කරනු ලැබුවා.

ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත පිළිගන්වනු ලැබූ බවයි වාර්තා වන්නේ.

මේ අතර, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයට ද නව ලේකම්වරයෙක් පත් කෙරුණා.

ඒ ජනාධිපතිවරයා විසින්.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ හිටපු ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතා පත් කරනු ලැබුවා.

ඊට අදාළ පත්විම් ලිපිය ද ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත පිළිගැන්වූවා.

එමෙන්ම, උතුරු පළාත් ප්‍රධාන ලේකම් ලෙස තනුජා මුරුගේසන් මහත්මිය පත් කෙරුණා.

එහි පත්වීම් ලිපිය ද අද ප්‍රදානය කෙරුණේ ජනාධිපති ලේකම්වරයා විසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?