ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනිය පළමු වරට ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපති මාරියා ෆර්නැන්ඩා ගාර්සා (Maria Fernanda Garza) මහත්මිය ශ්‍රී ලංකාවේ දින 5ක නිල සංචාරයක් සදහා අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

මෙලෙස ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙයයි.

ලොව පුරා ව්‍යාපාරික සමාගම් මිලියන 45ක ආයතනික සාමාජිකත්වය ඇති රටවල් 170ක් නියෝජනය කරන ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය ලෝකයේ විශාලතම සහ වඩාත් බලගතුම ව්‍යාපාරික සංවිධානය ලෙසටයි සැලකෙන්නේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක වෙළඳ සංවිධානය (W.T.O) සහ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (W.I.P.O) යන සංවිධාන නියෝජනය කරන එකම වාණිජ මණ්ඩලයයි.

එමෙන්ම මාරියා ෆර්නැන්ඩා ගාර්සා මහත්මිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ “තිරසර නාගරීකරණය” පිළිබඳ උපදේශක කමිටුවේ සාමාජිකාවක්.

මාරියා ෆර්නැන්ඩා ගාර්සා මහත්මිය අද සවස 06.40ට බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 190 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ඇය පිළිගැනීම සදහා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ඇන්තනී එම්.ශනිල් ප්‍රනාන්දු, එම මණ්ඩලයේ ලේකම් හේමකුමාර ගුණසේකර, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සංජීව කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57