ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යළි වැඩසටහනකට යාම පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරනවා.
අද පාර්ලිමේන්තුවේ 2017 වර්ෂයට අදාල අය වැය කථාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් නිවේදනය කර තිබෙනවා.
දැනට ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩසටහන 2027 මාර්තු මසදී අවසන් වනවා.
ඒ අනුව ඉන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යළි වැඩසටහනකට යාම පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට නියමිත බවට ජනාධිපති අනුර කුමාර දිසානායක අද නිවේදනය කර තිබෙනවා.
පසුගිය කාලයේ විවිධ රජයන් මගින් ජාත්‍යන්තර වශයෙන් ලබාගත් රටේ ණය ප්‍රමාණය දැනගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීමට පවා සිදුවුණු බවද ජනපතිවරයා එහිදී පෙන්වා දුන්නා.
