ජනප්‍රිය බොලිවුඩ් නිළියක් ලොව ප්‍රසිද්ධ මෝටර් රථ සමාගමකින් වන්දි ඉල්ලයි

ජනප්‍රිය බොලිවුඩ් නිළි රිමි සෙන් ලොව ප්‍රසිද්ධ මෝටර් රථ නිෂ්පාදන සමාගමක්වන ලෑන්ඩ් රෝවර් සමාගමෙන් වන්දි ඉල්ලා නඩුවක් පවරා තිබෙනවා.

ඇය ලෑන්ඩ් රෝවර් සමාගමෙන් ඉන්දීය රුපියල් කෝටි 50ක වන්දි මුදලක් ඉල්ලා මෙලෙස නඩු පවරා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සිය ලෑන්ඩ් රෝවර් වර්ගයේ මෝටර් රථයේ අලුත්වැඩියාවන් සම්බන්ධයෙන් දැඩි මානසික හිරිහැරයකට මුහුණ දුන් බව පවසමින් මෙම වන්දි නඩුව පවරා ඇති බවයි වාර්තා වන්නේ.

රිමි සෙන් 2020 වසරේ දී රුපියල් ලක්ෂ 92 කට ලෑන්ඩ් රෝවර් වර්ගයේ මෝටර් රථක් මිල දී ගෙන ඇති අතර, 2023 වසරේ ජනවාරි දක්වා ඊට වලංගු වගකීම් සහිතයක් ලබා තිබෙනවා.

කෙසේ වෙතත්, COVID-19 වසංගතය සහ පසුව ඇති වූ අගුලු දැමීම් හේතුවෙන්, සීමාවන් ඉවත් කරන තෙක් මෝටර් රථය බොහෝ දුරට භාවිතයට නොගෙන පැවති බවයි ඇය පවසන්නේ.

පසුව ඇය වාහනය බහුලව භාවිත කිරීමට පටන් ගත් විට, එම රථයේ බොහෝ දෝෂ ඇති වූ බවයි චෝදනා කරන්නේ.

පසුපස කැමරාවේ දෝෂයක් හේතුවෙන් මෝටර් රථය එක් අවස්ථාවක කණුවක ද ගැටුණු බවට ද ඇය පවසා සිටිනවා.

මෝටර් රථයේ මෙම ගැටළු පිළිබඳව අලෙවි නියෝජිතයින්ට දැනුම් දී තිබියදීත්, ඔවුන් එය ප්‍රතික්ෂේප කළ බවත් ඇයගේ පැමිණිල්ලේ සඳහන්.

රථයේ ඇති වූ දෝෂ අලුත්වැඩියා කිරීමේ දී තව තවත් දෝෂ ඇති වූ බවත් ඒ හේතුවෙන් තමන් දැඩි මානසික හිරිහැරයකට මුහුණ දුන් බවයි බොලිවුඩ් නිළි රිමි සෙන් සිදුකළ පැමිණිල්ල මඟින් වැඩිදුරටත් පවසා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51