Fly high Get bonus Aviator Phone

ජනපති ඝාතන තැතක් ගැන සමාජ මාධ්‍යයේ පැතිර යන කතාව සම්බන්ධව මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්

ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ තැතක් ඇති බව කියමින් සමාජ මාධ්‍යවල සංසරණය වන සාවද්‍ය ප්‍රචාරයක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ අදාළ ප්‍රචාරයන් සිදුකළ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා දිවයිනේනන් පිටත්ව යන සහ යළි දිවයිනට පැමිණෙන අවස්ථාවල දී ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අදාළ අංශ වෙත දැනුම්දෙන විධිවිධාන හා ක්‍රියාපටිපාටි ඇතුළත් විශේෂ පණිවුඩයක් පොලිස් දෙපාර්තමේන්තුව මඟින් අනවසරයෙන් පිටතට යාම පිළිබඳව ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එහිදී අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට දැනුම් දී ඇත්තේ අභ්‍යන්තර පොලිස් පණිවුඩ පිටතට හා මාධ්‍ය වෙත අනවසරයෙන් ලබාදුන් තැනැත්තන් පිළිබඳවත් විධිමත් විමර්ශනයක් සිදුකර අත්අඩංගුවට ගන්නා ලෙසයි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ නිල සංචාරය නිමකර දිවයිනට ලඟාවීමේ දී සාමාන්‍ය පරිදි ජනාධිපතිවරායට හිමි ආරක්ෂක වැඩපිළිවෙළ ශ්‍රී ලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවයි අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කරන්නේ.

එලෙස සමාජ මාධ්‍යවල සංසරණය වන සාවද්‍ය ප්‍රචාරයක් පහතින්..

1 8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
11
+1
2
+1
0
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?