බොරු තර්ක නොදා ජනතා ප්‍රශ්න විසදීමට ආණ්ඩුව සමග එක්වන්නැයි විපක්ෂ නායකවරයා ප්‍රමුඛ සමස්ත විපක්ෂයට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොට දී ප්‍රකාශ කළා.
අමරවිරු අභිමන් 32 උපහාර උත්සවයට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 32ක් සපිරෙනවා.
ඒ වෙනුවෙන් හම්බන්තොට ජනතාවගේ උපහාර පුදකරමින් මාගම් රුහුණු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අමරවිරු අභිමන් 32 උපහාර උළෙල පැවැත්විය
එහි සමරු කලාපය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මෙහිදී පිළිගන්වන ලැබුවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත හම්බන්තොට ජනතාවගේ උපහාරය පුදකරමින් සිහිවටන තිලිණයක් ද පිරිනැමුණා.
අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර හා නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරු ද මෙහිදී අදහස් පළකළා.
මෙම අවස්ථාවට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රමුඛ මැතිඇමතිවරුන් දේශපාලන නියෝජිතයින් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.













