ජනතා විරෝධතා මැද ගෙදර ගිය නායකයෝ

ලංකාවේ මේ වන විට පවතින අර්බුධ හමුවේ විශාල ජනතා පිබිඳීමක් මෙන්ම විරෝධයක් රජයට එල්ල වනවා.නමුත් ඒ අතර තවත් පිරිසක් විමසන කාරණාව නම් ජනතාවගේ විරෝධය හමුවේ පාලන බලය අත්හල පාලකයන් සිටිනවාද ? එසේ ජයගත් අරගල තිබෙනවා ද යන්නයි.
ඉතින් මේ සූදානම එසේ ජයගත් අරගල කිහිපයක් ගැන විස්තර ඔබට කියන්නයි.

මේ ගැන කතාකරන විට මුලින්ම සිහියට නැගෙන්නේ පිලිපීනයේ ‘ඒකාධිපතියා’ ෆර්ඩිනැන්ඩ් ඉමැනුවෙල් මාකෝස් ය.

1965 සිට 1986 දක්වා පිලිපීනයේ 10 වැනි ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ මාකෝස්ය. 1972 සිට 1981 දක්වා කාලයේ ඔහු රට පාලනය කළේ හමුදා නීතිය පනවමිනි.

1986 වසරේ ධුරය අහිමි වනතුරු ම මාකෝස්, පිලිපීන ජනාධිපති ලෙස ඔහුට හිමි හමුදා බලතල අනුව කටයුතු කළේය. 20 වැනි ශත වර්ෂයේ වඩාත්ම මතභේදාත්මක නායකයා ලෙස සැලකෙන මාකෝස්ගේ පාලනය දූෂණය ඉහවහා ගිය, වියදම් ඉහවහා ගිය, ම්ලේච්ඡත්වය රජ කළ එකක් විය. ජනතා මුදලින් සැප විඳි මාකෝස්ගේ බිරිඳ ඉමෙල්ඩා ද හරි අපූරු තැනැත්තියකි.

වසර විස්‌සක්‌ රට පාලනය කළ මාකෝස්‌ ජනතා බලවේගය විසින් 1986 දී බලයෙන් පහ කරනු ලැබුණි. බලයෙන් පහ වන විට මාකෝස්‌ යුවළ සතුව තිබුණු ධනස්‌කන්ධයේ වටිනාකම ඩොලර් බිලියන දහයක්‌ බව පැවැසෙයි. රාජ්‍ය නායකයකු සහ බිරිඳ එක් වී සිදු කළ විශාලතම සොරකම එසේත් නැතිනම් මහජන මුදල් කොල්ලය සම්බන්ධයෙන් ගිනස් ලෝක වාර්තා අතරට එක් වී සිටින්නේ ද මාකෝස් සහ ඉමෙල්ඩා ය.

Philippines ex-dictator Ferdinand Marcos buried at the country′s Heroes′  Cemetery | News | DW | 18.11.2016
ෆර්ඩිනැන්ඩ් ඉමැනුවෙල් මාකෝස් || මාකෝස්ගේ බිරිඳ ඉමෙල්ඩා

පාකිස්තානයට යහපාලනයක් ගෙන උත්සාහ ගත්, ඉම්රාන් ඛාන්ටත් පසුගිය දා සිය ධුරය අහිමි විය.

ඒ, පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වී විශ්වාසභංගයකින් ද පරාජයට පත් වුණු බැවිනි. විපක්ෂයේ බලපෑම් සහ විපක්ෂ හිතවාදී පාකිස්තාන වැසියන්ගේ බලපෑම් අග්‍රාමාත්‍ය ඉම්රාන් බලයෙන් නෙරපා දැමීමට සමත් විය. රටේ පවතින ආර්ථික අර්බුදයට ඉම්රාන් වගකිව යුතු බවත්, නිසි ආර්ථික ප්‍රතිපත්තියක් ඉම්රාන්ට නොමැති බවත් විපක්ෂය චෝදනා නගා තිබුණි. ඉම්රාන් නියෝජනය කරන්නේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයයි. ‘තරීක් ඊ ඉන්සාෆ්’ දූෂණ විරෝධී දේශපාලන පක්ෂයක් වන අතර, 2018 දී ඉම්රාන් බලයට පත්වූයේ පාකිස්තානයේ දූෂණ වංචා නැවැත්වීමටත්, යහපාලනය ඇතිකිරීමටත්ය.

‘යහපාලනය’ කෙසේ වෙතත් සුපිරිසුදු දේශපාලනඥයකු ලෙස ප්‍රකට ඉම්රාන්ගේ හොඳ නම ද කැත වී අවසන්ය. දූෂණ චෝදනාවලට වරදකරු වී සිටින නවාස් ෂරීෆ්ගේ ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂයේ නායක, නවාස් ෂරීෆ්ගේ සොයුරා ෂෙහ්බාස් ට අග්‍රාමාත්‍ය ධුරය හිමිවී අවසන්ය.

Imran Khan No-Trust Vote Highlights: Imran Khan loses no-trust vote,  removed as Pakistan PM | World News,The Indian Express
ඉම්රාන් ඛාන්

2013 සිට 2017 තෙක් කාලයේ දකුණු කොරියානු ජනාධිපති ධුරය හෙබවූයේ පාක් ග්වෙන් හේ ය. දකුණු කොරියානු ජනාධිපති ධුරයට පත් පළමු කාන්තාව පාක් ග්වෙන් හේ ය. පාක් ග්වෙන් හේ ට ධුරය අහිමි වූයේ දකුණු කොරියානුවන් ලක්ෂ ගණනින්, සති ගණනාවක් තිස්සේ ඉටි පන්දම් දල්වා ගනිමින්, සෝල් අගනුවරට රැස් වී පැවැත්වූ සාමකාමී විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙසය.

ජනාධිපතිනී පාක් ග්වෙන් හේ සිය මිතුරිය චෝයි සූන් සිල් ළං කරගෙන සිටියාය. සියලු ‘රජයේ ගනුදෙනු’ සිදුවූයේ මිතුරිය හරහාය. ජනපතිනියට වැරැදුණේ එයයි. මිතුරිය චෝයි සූන් සිල් ජනපතිනියගේ බලතල අයථා ලෙස භාවිත කළාය. ජනාධිපතිනී පාක් ග්වෙන් හේ ජනාධිපති බලතල අවභාවිතයට ලක් කළ බවටත් දූෂණ සම්බන්ධයෙනුත් චෝදනා එල්ල විය. ජනතා අප්‍රසාදය මැද, වැරදි පිළිගෙන සමාව ඉල්ලීමට ජනාධිපතිනිය කටයුතු කළත්, ජනතාවගෙන් ඇයට කිසිදු සමාවක් නොලැබුණි.

අවසානයේ දෝෂාභියෝගයකින් පරාජය වූ පාක් ග්වෙන් හේ ධුරයෙන් ඉවත්වූවා පමණක් නොව, එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරදකාරිය ද වූවාය. වසර 25 ක සිරදඩුවමක් ඇයට හිමි විය.

Park Geun-hye: South Korea's first female president - BBC News
පාක් ග්වෙන් හේ

වසර 14 කට වැඩි කාලයක් බොලිවියාවේ ජනාධිපති ධුරය හෙබවූයේ ඊවෝ මොරාලේස් ය. බොලිවියා යනු ලතින් ඇමෙරිකා කලාපයට අයත් රාජ්‍යයකි. මොරාලේස් සමාජවාදී ජනාධිපතිවරයෙකි. ඔහු බොලිවියාවේ ජනපති ධුරයට පත් වුණු පළමු ස්වදේශීය ගෝත්‍රික වැසියා ද වෙයි.

මුලදී වීරයකු වුවත්, මොරාලේස්ගේ ජනප්‍රියත්වය කල් ගතවෙද්දී අඩු විය. දූෂණ චෝදනා දිගින් දිගට එල්ල වෙද්දී, ජනතා අප්‍රසාදය වැඩිවිය. විපක්ෂ දේශපාලන කණ්ඩායම් පමණක් නොව හමුදාව ද එක් වී, මොරාලේස්ට දැඩි පීඩනයක් එල්ල කරන්න විය. 2019 වසරේ පැවැති ජනාධිපතිවරණයේ දී හොර ඡන්ද දමා ජයග්‍රහණය කළේ යැයි මොරාලේස් ට චෝදනා එල්ල වෙද්දී රට ගිනි ගෙන තිබුණි. ලක්ෂ ගණනින් බොලිවියා වැසියෝ වීදි බැස විරෝධය පළ කරන්න වූහ.

අවසානයේ මොරාලේස් ධුරයෙන් ඉවත් විය. මෙක්සිකෝව ඔහුට දේශපාලන රැකවරණ ලබා දුන්නේය. කොන්සවර්ටිව් විපක්ෂ සන්ධානයේ නායිකා ජීනී අනේස් නව ජනාධිපති ලෙස පත් කර ගැණුනි.

Evo Morales Raises a Fist, but Knows His Presidency is Over - The New York  Times
මොරාලේස්

අරාබි වසන්තය හරහා අරාබි රටවල පාලකයන්ට එරෙහිව ජනතා පිබිඳීමක් ඇති වූයේ 2010 වසර සිටය. එය ආරම්භ වූයේ ටියුනිසියාවෙනි. ටියුනීසියානු වැසියෝ ආර්ථික අර්බුදයෙන් බැටකමින්, පීඩාවට පත්ව සිටියහ.

ජනාධිපති බෙන් අලීගේ රජයට එරෙහි විරෝධතා ආරම්භ වීමට පටන් ගත් අතර ජනාධිපති බෙන් අලී පොලිසිය යොදවා විරෝධතා මර්ධනය කිරීම ඇරැඹුවේය. ඒ අතරේ එක් විරෝධතාකරුවෙක් සිරුරට ගිනි තබා ගනිමින් මියගියේය. විරෝධතා උත්සන්න කිරීමටත්, අවසානයේ මහා ජනතා විරෝධතා හමුවේ බෙන් අලීට ධුරයෙන් ඉවත් වීමටත් සිදුවිය.

ටියුනීසියාවෙන් ආරම්භ වූ ජනතා විරෝධය ලිබියානු නායක කර්නල් මුවම්මාර් ගඩාෆි ඝාතනය දක්වාත්, ඊජිප්තුවේ ජනාධිපති හොස්නි මුබාරක් ධුරයෙන් නෙරපා දැමීම දක්වාත් යේමනයේ සෞදි හිතවාදී ජනාධිපති අලී අබ්දුල්ලා සාලේ ධුරයෙන් නෙරපා දැමීම දක්වාත් වර්ධනය විය.

Gaddafi is dead: What now for the region?
කර්නල් මුවම්මාර් ගඩාෆි
Obituary: Zine al-Abidine Ben Ali - BBC News
බෙන් අලී
Hosni Mubarak | Today's latest from Al Jazeera
හොස්නි මුබාරක්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
12
අවුල් වගේ !
1
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?