චෙන්නායිවරුන් පරදා රාජස්ථාන් වෙත කඩුලු 06ක ජයක් – තවත් තීරණාත්මක තරගයක් අද රාත්‍රියේ දී

චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම පරාජයට පත් කර කඩුලු 06ක විශිෂ්ට ජයක් ලැබීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ (20) සමත් වුණා.

තරගය නවදිල්ලි හි දී ආරම්භ වූයේ කාසියේ වාසියේ ජය රාජස්ථාන් රෝයල්ස් වෙත හිමිකර දෙමින්.

ඒ අනුව පළමු ව පන්දුවට පහරදීමේ අවස්ථාව චෙන්නායිවරුන්ට ලැබීමත් සමග ඔවුන් කඩුලු 08ක් දැවී ලකුණු 187ක් නියමිත පන්දුවාර 20 අවසානයේ දී ලබා ගත්තා.

චෙන්නායිවරුන් වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත්තේ Ayush Mhatre (43) යි.

ඩෙවල්ඩ් බ්‍රෙවිස් ලකුණු 42ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී යුද්වීර් සින්ග් සහ ආකාෂ් මද්වාල් කඩුලු තුන බැගින් සහ තුෂාර් දේශපාණ්ඩේ සහ වනිඳු හසරංග එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

ජයග්‍රහණයට ලකුණු 188ක ඉලක්කයක් හඹා ගිය රාජස්ථාන්වරුන් කඩුලු 04ක් දැවී තිබියදී ජය වාර්තා කළා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ වෛභව් සූර්‍යවංශි ලකුණු 57ක් ද, සංජු සැම්සන් ලකුණු 41ක් ද ලබා ගැනීමට සමත් වුණා.

කඩුලු බිඳ දැමීමේ දී රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු දෙකක් සහ නූර් අහමඩ් එක් කඩුල්ලක් ද බිඳ දැමුවා.

මේ අතර අද (21) රාත්‍රියේ දී ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගයේ තවත් තරගයක් ලෙස මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර පැවැත්වෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15