චීන සංවිධානයක් ගැන බ්‍රිතාන්‍ය බුද්ධි සේවයකින් රතු එළි

චීන සංවිධානයක් සමඟ පර්යේෂණ කටයුතුවල නිරතවීමෙන් වළකින ලෙස බ්‍රිතාන්‍යයේ අභ්‍යන්තර බුද්ධි සේවය වන MI5 එරට විශ්වවිද්‍යාලවලට අනතුරු අඟවා තිබෙනවා.

MI5 පවසන්නේ චයිනා ජෙනරල් ටෙක්නොලොජි රිසර්ච් ඉන්ස්ටිටියුට් නම් සංවිධානය චීන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ඔත්තු සේවය සමඟ දැඩි සබඳතා පවත්වන බවයි.

කෘත්‍රිම බුද්ධිය, සයිබර් ආරක්ෂාව සහ රහස් සන්නිවේදන තාක්ෂණය වැනි ක්ෂේත්‍රවල පර්යේෂණ කරන බ්‍රිතාන්‍ය විද්වතුන් සියයකට වැඩි පිරිසක් එම සංවිධානය ඉලක්ක කර ඇති බවද MI5 සඳහන් කරනවා.

එම සංවිධානයෙන් අරමුදල් ලබාගැනීම හෝ ඒ සමඟ තවදුරටත් කටයුතු කිරීම ජාතික ආරක්ෂක පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ගවලට හේතු විය හැකි බවටත් අනතුරු අඟවා තිබෙනවා.

කෙසේ වෙතත්, චීන රජය මෙවැනි ඔත්තු බැලීමේ චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇති අතර, ලන්ඩනයේ චීන තානාපති කාර්යාලය මෙම නව චෝදනා “සම්පූර්ණයෙන්ම ගොතන ලද” බව පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19
Video thumbnail
සත්‍යග්‍රහය නවත්තන්න කාටවත් බලයක් නෑ..බොරු ප්‍රකාශවලට රැවටෙන්න එපා - මෛත්‍රී සැරටම දෙයි
04:23
Video thumbnail
භික්ෂු සත්‍යග්‍රහයට සහය වෙන්න මෛත්‍රී ගුණරත්න එයි - "බය වෙන්න එපා..මේක තනි කරන්නේ නෑ"
04:01