Empty Ad
AFC Banner
Empty Ad

චීනයෙන් හදන ගෙවල් මෙරට අඩු ආදායම්ලාභී පවුල් හා ප්‍රවීණ කලාකරුවන් හට

භේදයකින් තොරව ප්‍රීතිමත්, ගුණාත්මක ජීවිතයක් ගත කිරීමට සුදුසු වටපිටාවක් සියලු දෙනාටම ලබාදීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

ඇය මේ බව අද (27) පැවසුවේ; අඩු ආදායම්ලාභි පවුල්වල ජීවන තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් රුපියල් බිලියන 22ක චීන මුල්‍යාධාර යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන නිවාස ව්‍යාපෘතියේ පළමු අදියරේ සමාරම්භය වෙනුවෙන් මොරටුව, බැටරිවත්ත ප්‍රදේශයේ පැවති උත්සවයට ‍එක්වෙමින්.

කිසිදු භේදයකින් තොරව ප්‍රීතිමත්, ගුණාත්මක ජීවිතයක් ගත කිරීමට සුදුසු වටපිටාවක් සියලු දෙනාටම ලබාදීම රජයේ අරමුණ බවත්; චීන රජයට ඉමහත් ස්තුතියක් මේ වෙනුවෙන් පිරිනමන බව ද අගමැතිනිය ප්‍රකාශ කළා.

චීන මුල්‍යාධාර යටතේ නිවාස 1996ක් ඉදිකිරීමට යෝජිත අතර මොරටුව, බැටරිවත්ත ප්‍රදේශයේ ඉදිවන ව්‍යාපෘතිය මගින් අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස 575ක් සහ කොට්ටාව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත නිවාස ව්‍යාපෘතිය මගින් නිවාස 108ක් ප්‍රවීණ කලාකරුවන් වෙනුවෙන් ලබාදීමට ද නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?