ශූරයින්ගේ කුසලානයේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය කිවියන්ට

චැම්පියන්ස් කුසලාන අවසන් මහා තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට හිමි වුණා.

අද (09) පස්වරු 02.30ට ඩුබායි හි දී ඉන්දියාවට එරෙහිව ආරම්භ වන මෙම තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් මිචෙල් සැන්ට්නර් පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඉන්දීය කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි රෝහිත් ෂර්මා විසින් මෙහෙයවනු ලබනවා.

අද අවසන් මහා තරගයට ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ වෙනසක් සිදු කර නැහැ.

ඒ අනුව අවසන් පූර්ව වටයට ඔස්ට්‍රෙලියාවට එරෙහිව ක්‍රීඩා කළ කණ්ඩායම ම අද දිනයේදීත් එක් වනවා.

නවසීලන්තයේ වේග පන්දු ක්‍රීඩක මෙන් ම තීරණාත්මක කඩුලු දවාගත් මැට් හෙන්රිට අද තරගය ආබාධයක් හේතුවෙන් අහිමි ව තිබෙන අතර ඒ වෙනුවට කැඳවා ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩක නෙතන් ස්මිත්.



අපගේ නවතම වීඩියෝ පුවත්