AFC Banner
Empty Ad
Empty Ad

චන්දිගේ සහ සධීරගේ ශතකවලින් පසු ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවයි

සංචාරක අයර්ලන්තය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 591ක් රැස්කරගෙන සිටියේ දී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

අද දිනයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් වන දිනේෂ් චන්දිමාල් සිය 14 වන ටෙස්ට් ශතකට වාර්තා කිරීමට සමත් වූ අතර, කඩුලු රකින ක්‍රීඩක සධීර සමරවික්‍රම ද සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

සධීරගේ මෙම ශතකය වාර්තා අතර එක්වන්නේ වසර 07කට පසු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ කඩුලු රකින්නෙක් වාර්තා කළ පළමු ටෙස්ට් ශතකය ලෙසයි.

අවසන් වරට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ කඩුලු රකින්නෙකු ලෙස කුසල් පෙරේරා ශතකයක් රැස්කරගෙන තිබුණේ 2016 වසරේ දීයි.

ඒ, අනුව ශ්‍රී ලංකා පළමු ඉනිම අත්හිටුවන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි චන්දිමාල් ලකුණු 102ක් සහ සධීර සමරවික්‍රම ලකුණු 104ක් රැස්කරගෙන සිටියා.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 179ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 140ක් රැස් කළා.

පන්දු යැවීමේ දී කර්ටිස් කැම්පර් ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු 02ක් බිඳ දැමුවා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන මෙම තරගයේ දෙවන දිනය අදයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?