ගුවන් තොටුපොළ ධාවන පථයේ කුරුළු වෙඩි දැමූ නිලධාරීන් අනතුරක (වීඩියෝ)

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ධාවන පථය අසළ ඉහළ අහසේ පියාඹමින් සිටි කුරුළු රංචුවක් පළවා හැරීමට ගුවන් තොටුපොළ සත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන් පිරිසක් කටයුතු කර තිබුණා.

එහිදී ඔවුන් විසින් එල්ල කළ අහස් කූරු වර්ගයට අයත් පුපුරන ද්‍රව්‍ය සහිත වෙඩි ප්‍රහාරයක්, යළිත් ඔවුන් ගමන් කළ කැබ්රථය මතට ඇද වැටී පිපිරී ගොස් අනතුරක් සිදුව තිබෙනවා.

අද (20) දහවල් සිදු වූ මෙම අනතුරින් ගුවන් තොටුපොළ සත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන් තිදෙනෙක් තුවාල ලබා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කළ බවයි ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේ.

කටුනායක ගුවන් තොටුපොළ සත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන්ට අද දහවල් 11.45 ට පමණ ගුවන් තොටුපොළ ධාවන පථයට ඉහළ අහසෙහි පක්ෂි රංචුවක් , ගුවන් ගමන් වලට බාධා වන අයුරින්  පියසරමින් සිටින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

ඒ, අනුව එම නිලධාරීන් තිදෙනෙක් කැබ් රථයකින් ගුවන් ධාවන පථය අසළට ගොස්, එම පක්ෂි රංචුව පළවා හැරීම සදහා අහස් කූරු වැනි පුපුරණ ද්‍රව්‍ය අඩංගු වෙඩි ප්‍රහාරයක් පක්ෂි රංචුව දෙසට එල්ල කර ඇති බවයි වාර්තා වුණේ.

එලෙස එල්ල කළ වෙඩි ප්‍රහාරය පුපුරා නොගොස් යළි ඔවුන් ගමන් ගත කැබ් රථය මතට වැටී පුපුරා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස පුපුරා යාමෙන් පසු කැබ් රථය තුළ තිබූ එවැනි වෙඩි කීපයක් පුපුරාගොස් හදිසි ගින්නක් ඇති වී තිබෙනවා.

එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ කටුනායක ගුවන් තොටුපොළ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් ගින්න මැඩ පවත්වා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම අනතුරින් කටුනායක ගුවන් තොටුපොළ සත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන් තිදෙනකු තුවාල ලබා ඇති අතර, ඔවුන් ගමන් ගත් කැබ් රථයට ද හානි සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
14
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29