ගිනිගත්හේනේදී බස් තුනක් ගැටෙයි සිව්දෙනෙකුට තුවාල

ගිනිගත්හේන පේරගහමුල ප්‍රදේශයේදි ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් සිව්දෙනෙකු සුළු තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මේ අනතුර සිදුවුණේ අද (16) දහවල් 2 ට පමණ.

කොළඹ සිට හැටන් දක්වා ධාවනය වු කඩවත ලංගම ඩිපොවට අයත් බස් රථය හැටන් සිට කොළඹ දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසුවා.

අනතුර සිදුවන අවස්ථාවේදී මහනුවර සිට හැටන් දක්වා ධාවනය වු ලංගම බස් රථයක් ගිනිගත්හේන පේරගහමුල ප්‍රදේශයේදි මගින්ට බැසිම සදහා නතරකර තිබූ අතර එය නවතා තිබියදී කොළඹ ගිය ලංගම බස් රථය අපරික්ෂාකාරී ලෙස ඉස්සර කිරිමට උත්සහ කිරිමේදි මේ අනතුර සිදුවී තිබෙනවා.

එහි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරෙන් බස් රථ තුනටම අලාභහානි සිදුව තිබෙනවා.

8 1 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !