ගෑස් මිල ඉහළට

ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 334.00 කින් මිල වැඩි කිරීමට එම සමාගම තීරණයකර තිබෙනවා.

අද (05) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සමාගමේ සභාපති මුදිත පීරිස් මේ බව සඳහන් කළා.

මේ අතර කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 61.00 කින් සහ කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් 134.00 කින් ඉහළ දැමීමට ද තීරණය කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල වැඩිවීම ක්‍රියාත්මකයි.

ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මේ වනවිට වෙළඳපොළේ පවතින්නේ රුපියල් 4409.00ක මිලකටයි.

මෙම මිල ඉහළ දැමීමත් සමඟ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 4743.00ක් දක්වා මිල ඉහළ යනවා.

නව මිල වැඩි වීම අනුව කිලෝග්‍රෑම් 05ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1904.00ක් දක්වා ඉහළ යනවා.

එහි පැවති මිල වූයේ රුපියල් 1770ක්.

එමෙන්ම රුපියල් 61.00කින් මිල වැඩි වීම හමුවේ රුපියල් 822.00ක්ව පැවති කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිල්න්ඩරයක නව මිල රුපියල් 883.00ක් වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
2
මාර දුකයි !
3
මලපනිනව !
10
කුජීතයි !
5
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?