ගෑස් මිල ඉහළට

ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 334.00 කින් මිල වැඩි කිරීමට එම සමාගම තීරණයකර තිබෙනවා.

අද (05) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සමාගමේ සභාපති මුදිත පීරිස් මේ බව සඳහන් කළා.

මේ අතර කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 61.00 කින් සහ කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් 134.00 කින් ඉහළ දැමීමට ද තීරණය කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල වැඩිවීම ක්‍රියාත්මකයි.

ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මේ වනවිට වෙළඳපොළේ පවතින්නේ රුපියල් 4409.00ක මිලකටයි.

මෙම මිල ඉහළ දැමීමත් සමඟ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 4743.00ක් දක්වා මිල ඉහළ යනවා.

නව මිල වැඩි වීම අනුව කිලෝග්‍රෑම් 05ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1904.00ක් දක්වා ඉහළ යනවා.

එහි පැවති මිල වූයේ රුපියල් 1770ක්.

එමෙන්ම රුපියල් 61.00කින් මිල වැඩි වීම හමුවේ රුපියල් 822.00ක්ව පැවති කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිල්න්ඩරයක නව මිල රුපියල් 883.00ක් වනු ඇති.

https://youtu.be/rMQwJ-9ZwoU


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14