ගෑස් නැවක් කොළඹ වරායට!

මිල වැඩි කිරීම් සිදු කළ ද වෙළෙඳපොළේ ලිට්‍රෝ ගෑස් හිඟයක් පවතින බවට දින කිහිපයක් තිස්සේ ප්‍රදේශ රැසකින් වාර්තා වෙමින් පවතිනවා.

ඊයේ කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකම දක්නට ලැබුණේ එවන් තත්ත්වයක්.

මේ අතර ඇතැම් ගෑස් අලෙවිසැල් අසල දිගු පෝළිම් ද දක්නට ලැබුණා.

LP ගෑස් රැගත් නෞකා මේ වන විට කොළඹ වරාය වෙත සේන්දු වී ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. 

ඒ අනුව, ගෘහස්ථ LP ගෑස් සඳහා දැනට පවතින තාවකාලික හිඟය බෙදාහැරීමේ ප්‍රමාදය නිසා ඇති වී ඇතැයි ද එම සමාගම සඳහන් කරනවා.  

දැනට පවතින හිඟය නුදුරේදීම යළි යථා තත්ත්වයට පත්කරන බව ද ලිට්‍රෝ ගෑස් පුද්ගලික සමාගම පැවසුවා.

මේ අතර, රට තුළ යළි ලිට්‍රෝ ගෑස් හිඟයක් නිර්මාණය වෙමින් ඇති බව ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වෙනවා.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉකුත් ඔක්තෝබර් 11 වැනිදා සිට ඉහළ දැමීමට ගෑස් සමාගම් පියවර ගත්තා.

ඒ පැවති මිල ගණන් යටතේ පාඩු විඳ ගනිමින් සිය ව්‍යාපාර කරගෙන යා නොහැකි බව පවසමිනි.

ඒ අනුව ලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් වර්ග දෙකෙහිම මිල ඉහළ නැංවුණා.

ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363කින් ඉහල දැමීමට පාරිභෝගික කටියුතු අධිකාරිය විසින් අවසරය ලබාදී තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක බරින් යුත් නව මිල රුපියල් 1856ක් වනවා.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 743ක් දක්වාත් ඉහළ දැමීමට අවසර ලබා දී තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17
Video thumbnail
ආලෝකා පෙරටු කරගනිමින් සාම පාගමන ඉස්සරහට යන හැටි
00:47
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43