spot_img
AFC Banner
Empty Ad
Empty Ad

“ගාසා හී ළමා අරමුදල” පිහිටුවීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

ගාසා තීරයේ ගැටම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා “ගාසා හී ළමා අරමුදල” පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.

මෙමඟින් සියලුම අමාත්‍යාංශ සහ රජයේ ආයතන එක්ව මෙවර ඉෆ්තාර් සැමරුම් පැවැත්වීම සඳහා වෙන් කර තිබූ ප්‍රතිපාදන මෙම අරමුදලට ලබාදෙන ලෙස උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මේ සඳහා ජනතාවගේ දායකත්වයන් ද අපේක්ෂා කරන අතර, විපතට පත් දරුවන් සඳහා සහන සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතන හරහා ලබාදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
27
+1
3
+1
1
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?