ගාසා තීරයෙන් ඊජිප්තුවට ගිය ශ්‍රී ලාංකිකයන් දිවයිනට

ගාසා තීරයේ සිට ආරක්ෂිතව ඊජිප්තුවට පැමිණි ශ්‍රී ලාංකිකයන් 11 දෙනා අද අලුයම මෙරටට පැමිණ තිබෙනවා.

ඔවුන් ගාසා තීරයේ සිට රෆා පිවිසුම ඔස්සේ ඊජිප්තුව වෙත පැමිණ කයිරෝ ගුවන් තොටුපොළේ සිට කටාර් රාජ්‍යය වෙත පැමිණ තිබුණා.

ඉන්පසුව කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ QR- 662 දරන ගුවන් යානයෙනුයි අද අලුයම 02.30ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත්තේ.

මෙම 11 දෙනා අතර කාන්තාවන් දෙදෙනෙකු සහ ළමුන් 09 දෙනෙකු වන බවයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.

ගාසා තිරයේ ජිවත් වූ මෙම ලාංකිකයින් 11 දෙනා පසුගිය 2 වනදා නිරුපද්‍රිතව ඊජිප්තුවට පැමිණ තිබුණා.

ඊජිප්තුවේ රෆා දේශසිමාව ඔස්සේ මෙම ශ්‍රී ලාංකිකයින් 11 දෙනා පැමිණ ඇති අතර ඔවුන් අතර පවුල් දෙකකට අයත් සාමාජිකයින් බවටයි අනාවරණ වී ඇත්තේ.

ඊජීප්තුවේ කයිරෝ අගනුවර සිට කිලෝමීටර් 320ක් දුරින් රෆා දේශසිමා පිවිසුම පිහිටා ඇති අතර ශ්‍රී ලංකා බලධාරින් එහි ගොස් එම ලාංකිකයින් පිරිස සිය භාරයට ගෙන තිබූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

ගාසා තීරයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට ඉන් ඉවත්වීමට ඊශ්‍රායල රජය පසුගිය 2 වනදා අවසර ලබාදුන් බව, ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා තහවුරු කළා.

ඒ අනුව ගාසා තීරයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට ඊජිප්තු දේශසීමාවේ පිහිටි රෆා මාරුව හරහා ඉවත්වීමටයි අවශ්‍ය අවසරය හිමිවී ඇත්තේ.

මේ වනවිට පලස්තීන ජාතිකයින් සමග විවාහවූ ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙකු ගාසා තීරයේ සිටින අතර, ඔවුන්ගේ පවුල්වල මුළු සාමාජිකයින් සංඛ්‍යාව 17ක් වන බව රමල්ලාහි වෙසෙන ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත නාවලගේ බෙනට් කුරේ ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?