ගාලු කොටුවේ මුහුදේ ගල් අස්සේ සිරවී සිටි කැස්බෑවෙකු දැක හිත උණුවී, එම කැස්බෑවා බේරාගෙන මුහුදට යැවීමට ගාල්ල කොටුව පොලිස් මුරපොළේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
ඊයේ (14) දහවල් ගාල්ල කොටු පවුරේ මුර සංචාරයක යෙදී සිටි පොලිස් නිලධාරින් , මුහුදේ ගල් අස්සේ සිරවී සිටි කැස්බෑවෙකු දැක තිබෙනවා.
ඉන් අනතුරුව වහාම ක්රියාත්මකවූ අදාල පොලිස් නිලධාරීන් මුරපොලේ අනෙකුත් පොලිස් නිලධාරීන් ද සමඟ, කොටු පවුරෙන් බිමට බැස ගොස් එම කැස්බෑවා මුදාගෙන මුහුදට යෑවිමට කටයුතු කර ඇති බවට වාර්තාවෙනවා.
මේ දිනවල පවතින රළු මුහුදු තත්ත්වය හේතුවෙන් මෙම කැස්බෑවා ගොඩබිමට පැමිණ ගල් අස්සේ සිර වන්නට ඇති බව පොලිසිය ප්රකාශ කරනවා.
ගාල්ල කොටුව පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා ප්රමුඛ නිලධාරීන් පිරිසක් විසින් මෙම කැස්බවා මුදාගෙන මුහුදට යැවිමට කටයුතු කළ බවට වාර්තාවෙනවා.
