ග්‍රයින්ඩර් තලයක් කැඩී පපුවේ වැදී ළමයෙක් ජීවිතක්ෂයට

ග්‍රයින්ඩරයක තලයක් කැඩී ගොස් පපුවේ වැදීමෙන් බරපතළ තුවාල ලැබූ ළමයෙක් මියගිය පුවතක් කටාන ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 15ක දරුවෙක් බවයි කටාන පොලිසිය පැවසුවේ.

මෙම ළමයා ඊයේ (11) පෙරවරුවේ සිය මහප්පාට අයත් වැඩපොළට පැමිණ ග්‍රයින්ඩරයෙන් පී.වී.සී. බටයක් කැපීමට උත්සාහ ගෙන තිබෙනවා.

එම අවස්ථාවේ දී ග්‍රයින්ඩරයේ තලය කැඩී ගොස් එහි කොටසක් ළමයාගේ පපු ප්‍රදේශය පසාරු කර ඇනී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී බටපතළ තුවාල ලැබූ එම ළමයා වහාම මීගමුව රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර, එලෙස රෝහල් ගතකර ළමයා ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (11) දහවල් මියගොස් ඇති බවයි කටාන පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
2
+1
5
+1
61
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?