spot_imgspot_img
spot_img

ගර්බා නටන්න ගිය දහයක් හෘදයාබාධ හැදී ජීවිතක්ෂයට

ඉන්දියාවේ ගුජරාටයේ නවරාත්‍රි සැමරුම් අතරතුර පැවති ගර්බා නැමැති රංගනයේ යෙදී සිටිය දී පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ගත වූ පැය 24ක කාලය අතර තුර මෙම මරණ දහයම වාර්තා වී ඇති බවයි.

මෙම මරණවලට හේතුව වී ඇත්තේ හෘදයාබාධයන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

මෙලෙස මිය ගිය අය අතර වයස අවුරුදු 17ක තරුණයෙක් ද වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ ගත වූ පැය 24 තුළ හදිසි ගිලන්රථ සේවා සඳහා ඇමතුම් 500 කට අධික ප්‍රමාණයක් ලබා දී ඇති බවයි.

ඉන්දියාවේ නවරාත්‍රි සැමරුම් උත්සව අතර තුර හදිසි අසනීප තත්ත්වයන්ට පත්ව පුද්ගලයින් විශාල පිරිසක් සෑම වසරකම ජීවිතක්ෂයට පත් වනවා.

මේ අතර විවේකයක් නොගෙන දිගු වේලාවක් ගාර්බා රංගනයේ නොයෙදෙන ලෙසට එරට සෞඛ්‍ය අංශ ද මහජනතාවට දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
2
+1
4
+1
10
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?