AFC Banner
Empty Ad
Empty Ad

ගම්පහ දිස්ත්‍රික්කය දැඩි අවධානම් තත්ත්වයක බව අනතුරු ඇඟවීමක්

ගම්පහ දිස්ත්‍රික්කයෙහි ඉදිරි දෙසතිය තුළ අනපේක්ෂිත අන්දමින් කොරෝනා ආසාදිතයන්ගේ ගණන ශීඝ්‍රයෙන් ඉහළ යෑමේ අවදානමක් නිර්මාණය වෙමින් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා.

මීගමුව රෝහලේ කායික රෝග අංශය වෙත ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඊයේ (මැයි 14) පැමිණි සෙම්ප්‍රතිශ්‍යා රෝගීන්ගේ කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් 80%ක් ම ‘පොසිටිව්’ වී ඇති අතර මෙය ඉතාමත් දරුණු අවදානම් සහගත තත්ත්වයක් බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු අවධාරණය කරනවා.

මෙම අවදානම් සහගත තත්ත්වය හමුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් පද්ධතිය කඩා වැටීමේ තත්ත්වයක් නිර්මාණය වන බැවින් එම අවදානම මගහරවා ගැනීමට වහා සැලසුම් සකස් කළ යුතුව ඇතැයි සඳහන් කරන වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු එම දිස්ත්‍රික්කයේ සිටින අවදානමක් නොමැති කොවිඩ් ආසාදිතයන් නිවෙස් තුළ ම රඳවා වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබාදීමට ක්‍රියා කළ යුතුව ඇතැයි සඳහන් කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු ම රෝහල්වල වෛද්‍යවරුන්ගෙන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් දෛනිකව තොරතුරු වාර්තා ලබා ගැනීමට තම සංගමය ඊයේම පියවර ගත් බව ද හෙතෙම සඳහන් කරයි.

උද්ගත වෙමින් පවතින මෙම අවදානම් සහගත තත්ත්වය පිළිබඳව ඊයේ (මැයි 14) සවස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළ බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද මේ සම්බන්ධයෙන් කඩිනමින් දැනුවත් කරන බව වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පැවසීය.

උපුටා ගැනීම – මව්බිම පුවත්පත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉංග්‍රීසි දන්නේ නැති මෛත්‍රී ඉංග්‍රීසි දන්නවා වගේ ඉන්න ලස්සන #shorts #viralvideo #trendingnews
00:12
Video thumbnail
රනිල් - චන්ද්‍රිකා - මෛත්‍රී එකම වේදිකාවක - රනිල් චන්ද්‍රිකාට කිව්ව රහස #srilankapolitics
00:46
Video thumbnail
ඔක්තෝම්බර් 01වෙනදි විදුලි බිල සංශෝධනය වන දිනයතාම කතාවක් නෑ #npp #anurakumaradissanayake
02:12
Video thumbnail
ඇය සතුටින් ගෙවන ජීවිතේ #shorts #vairalvideo
00:16
Video thumbnail
කතන්දර එපා.... විවෘතව කතා කරන්න - ආනන්ද පාලිතගෙන් ජනපතිට දෝස්මුරයක්
02:12
Video thumbnail
සැඩ පහරට ගිය සුපිරිය රිය ගොඩට ගත් ක්‍රියාන්විතය
05:29
Video thumbnail
හොරු අල්ලන්න එන රන්ජන් #ranjanramanayake
07:27
Video thumbnail
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඇමතූ ජනපති අනුර
00:42
Video thumbnail
අමුතු අමුතු ටෙළි නාට්‍ය තියෙන්නේ - දමිතා එනවා නාහෙන් අඬනවාහඬ පටයක් දානවා
03:32
Video thumbnail
වසර 88කට පසුව රාජපක්ෂ පවුලේ එකෙක් ඉදිරිපත් නොවෙන එකම මැතිවරණය #rajapaksafamily
03:41

?