ගම්පහ දිස්ත්‍රික්කය දැඩි අවධානම් තත්ත්වයක බව අනතුරු ඇඟවීමක්

ගම්පහ දිස්ත්‍රික්කයෙහි ඉදිරි දෙසතිය තුළ අනපේක්ෂිත අන්දමින් කොරෝනා ආසාදිතයන්ගේ ගණන ශීඝ්‍රයෙන් ඉහළ යෑමේ අවදානමක් නිර්මාණය වෙමින් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා.

මීගමුව රෝහලේ කායික රෝග අංශය වෙත ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඊයේ (මැයි 14) පැමිණි සෙම්ප්‍රතිශ්‍යා රෝගීන්ගේ කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් 80%ක් ම ‘පොසිටිව්’ වී ඇති අතර මෙය ඉතාමත් දරුණු අවදානම් සහගත තත්ත්වයක් බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු අවධාරණය කරනවා.

මෙම අවදානම් සහගත තත්ත්වය හමුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් පද්ධතිය කඩා වැටීමේ තත්ත්වයක් නිර්මාණය වන බැවින් එම අවදානම මගහරවා ගැනීමට වහා සැලසුම් සකස් කළ යුතුව ඇතැයි සඳහන් කරන වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු එම දිස්ත්‍රික්කයේ සිටින අවදානමක් නොමැති කොවිඩ් ආසාදිතයන් නිවෙස් තුළ ම රඳවා වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබාදීමට ක්‍රියා කළ යුතුව ඇතැයි සඳහන් කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු ම රෝහල්වල වෛද්‍යවරුන්ගෙන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් දෛනිකව තොරතුරු වාර්තා ලබා ගැනීමට තම සංගමය ඊයේම පියවර ගත් බව ද හෙතෙම සඳහන් කරයි.

උද්ගත වෙමින් පවතින මෙම අවදානම් සහගත තත්ත්වය පිළිබඳව ඊයේ (මැයි 14) සවස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළ බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද මේ සම්බන්ධයෙන් කඩිනමින් දැනුවත් කරන බව වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පැවසීය.

උපුටා ගැනීම – මව්බිම පුවත්පත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31