කෝටි 40ක හෙරොයින් තොගයක් සමඟ බණ්ඩාරගමදී සැකකරුවෙකු අත්අඩංගුවට

බණ්ඩාරගම රේරුකාන ප්‍රදේශයේදී කළුතර දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 40කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

එහිදී එක් සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 40කට ආසන්න බවයි අනාවරණ වී ඇත්තේ.

දැනට ශ්‍රී ලංකාවෙන් පලාගොස් ඩුබායි හි රැඳී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවටයි පොලිස් මාධ්‍ය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරී අජිත් රෝහණ ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?