කෝටි තුනක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් සොයා ගැනේ

රුපියල් කෝටි තුනක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ ආනයන භාණ්ඩ පර්යන්තය වෙත ලැබී තිබියදී ශ්‍රී ලංකා රේගුවේ තොරතුරු සහ තාක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (11) රාත්‍රියේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ; මෙම පාර්සලය ඉකුත් ජූලි මස 13 වැනි දින කොළඹ, මට්ටක්කුලිය ප්‍රදේශයේ පිහිටි ව්‍යාජ ලිපිනයක් වෙත පරිගණක උපාංග ලෙස සඳහන් කරමින් එවා තිබූ බවයි.

කිසිදු හිමිකරුවෙකු මෙම පාර්සලය භාර ගැනීමට මෙතෙක් කටුනායක ගුවන් තොටුපොළ ආනයන ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත නොපැමිණීම නිසා ඊයේ රාත්‍රීයේ දී ශ්‍රී ලංකා රේගුවේ තොරතුරු සහ තාක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම පාර්සලය විවෘත කර පරීක්ෂා කිරීම සිදු කෙරුණා.

එහිදී එම පාර්සලය තුළ තවත් පෙට්ටි 08ක් තුළ ඇසුරූ විදේශීය නිෂ්පාදිත “මැන්චෙස්ටර්” වර්ගයේ දුම්වැටි එක් 160,000ක ප්‍රමාණයක් තිබී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ශ්‍රී ලංකා රේගුවේ තොරතුරු සහ තාක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14