කොළඹ ලොකු හෝටලයක ලොකු බිලකට පොල්ල තියලා පැනලා – පොලිසිය මහජන සහය පතයි

පසුගිය 03 දින කොම්පඤ්ඤ වීදියේ පොලිස් වසමේ ප්‍රසිද්ධ හෝටලයකට පැමිණි පුද්ගලයෙකු තමා පුද්ගලික බැංකුවක නිළධාරියෙකු බවට හඳුන්වා දෙමින් සුහදශීලීව රාත්‍රී භෝජන සංග්‍රහයකට පිරිසක් පැමිණෙන බවට දන්වා එම හෝටලයෙන් විශාල වශයෙන් ආහාර පාන වග ඇණවුම් කර තිබෙනවා.

අනතුරුව හෝටලය කාර්ය බහුල වන අවස්ථාවේ එම පුද්ගලයා විසින් හෝටලයේ භාණ්ඩ සොරකම් කර පලා ගොස් ඇති අතර ඒ සම්බන්ධව අදාළ හෝටලය මගින් කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය විසින් සිදු කළ විමර්ශනයේදී මෙම සැකකරු මීට පෙර කුරුඳුවත්ත, පෑලියගොඩ හා නුගේගොඩ යන පොලිස් වසම් තුළද මෙවැනි ආකාරයට සොරකම් සිදු කර ඇති බවට අනාවරණය වී ඇති අතර මොහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතනවා.

සැකකරුගේ ඡායාරූපයක් පොලිසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර මෙම සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

  • ස්ථානාධිපති, කොම්පඤ්ඤ වීදිය -071-8591561
  • කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානය – 011-2433829

ඇතැම් පුද්ගලයන් විසින් විවිධ අවස්ථාවන් වලදී සිදු කරනු ලබන මෙවැනි වංචනික ක්‍රියාවන් පිළිබඳ පොලිස් ස්ථාන වෙත වාර්තා වන අතර වෙළඳ සැල් ඇතුළු ආයතන වෙත පැමිණෙන පුද්ගලයින් පිළිබඳව හැකිතාක් සැලකිලිමත්ව හා අවධානයෙන් කටයුතු කරන ලෙසට ශ්‍රී ලංකා පොලිසිය මහජනතාව වෙත දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජිත සේනාරත්න පවුල එක්කම නන්දා මාලනීට සමුදෙන්න එයි - සුනිල් අතින් දෙන්නා කිව්ව අතීත කතාව
01:52
Video thumbnail
හැමෝම කලාකරුවෝ කිව්වට මාලනී වගේ ටිකයි ඉන්නේ කලාකරුවෝ - කලාකරුවෙකුගෙන් සංවේදී ප්‍රකාශයක්
02:03
Video thumbnail
දිවුලපිටියට කරදරයක් වූ කුණු කන්ද ඉවත් කර පිරිසිදු කරයි - සභාපතිට ජනතාවගේ ප්‍රසාදය
02:24
Video thumbnail
නන්දා මාලනී ගැන දයාසිරි අතීතය මතක් කරමින් කියූ දේ - ඇයගේ ගීතවලින් අපි පණ ලැබුවේ
02:19
Video thumbnail
සනත් ජයසූරිය මාලනී ගැන කිව්ව දුක්බර කතාව - මට කියන්න වචනත් නෑ - ලොකු පාඩුවක්
01:21
Video thumbnail
“ඇය තමයි අපේ ජාතියේ හඬ පෞරුෂය”
01:22
Video thumbnail
නන්දාමාලනියගෙන් උදාගම්මානයක් හදන්න ගිය සජිත්ට එතුමිය දීපු පිළිතුර අද සජිත් කියයි...
00:39
Video thumbnail
මාලනියට සුනිල් ආරියරත්නයන් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම - ඒ හිතේ කොච්චර දුකක් ඇත්ද ?
00:27
Video thumbnail
සජිත් නන්දා මාලනී ගැන කළ සංවේදි ප්‍රකාශය - මට ආශාවක් තිබ්බා උදා ගම්මානයක් හදන්න
09:35
Video thumbnail
දැයෙන් සමුගත් නන්දා මාලනීයට සමුදෙන්න සජිත් එයි - දේහය ළඟ සජිත් සංවේදී වුණ හැටි
01:16