කොළඹ ප්‍රසිද්ධ හෝටලයකදී නෙදර්ලන්ත කාන්තාවකට අකරතැබ්බයක්

පසුගිය 11 වන දින සවස් කාලයේ කොළඹ කොටුවේ පිහිටි ප්‍රධාන පෙලේ හෝටල් කාමරයක රැඳී සිටි නෙදර්ලන්ත ජාතික කාන්තාවකගේ මුදල් පසුම්බියක තිබූ මුදල් සොරාගෙන ඇති බවට කොටුව පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත සිදු කරනු ලැබූ විමර්ශනයකට අනුව එම හොටලේම සේවකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම විදෙස් ජාතික කාන්තාව තවත් කාන්තාවක් සමඟ අදාල හෝටලයේ විශේෂ අමුත්තන් ලැඟුම් ගන්නා කාමරයක නවාතැන්ගෙන සිට ඇති අතර, ඇයගේ මුදල් පසුම්බියේ තිබූ මෙරට මුදලින් රුපියල් 330,000 ක් පමණ අස්ථානගත වී ඇති බවට පසුගිය 13 වැනිදා කොටුව පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41 ක් වන කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුගෙන් සිදු කල ප්‍රශ්න කිරීමේදී විදෙස් ජාතික කාන්තාවන් එහි කාමරයේ නොමැති අවස්ථාවක මෙම සොරකම සිදුකර ඇති බවත් සොරාගත් විදෙස් මුදල් ජා ඇල ප්‍රදේශයේ පිහිටි මුල්‍ය ආයතනයකින් මාරුකර ඇති බවටත් අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අද (14) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
3
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40