AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

අද (24) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.

ඒ, අනුව පෙරවරු 08.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 16 ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ.

කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශ මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන ප්‍රදේශ වනවා.

අඹතලේ ජල සැපයුමේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?