කොළඹ කොටස් වෙළදපොළෙන් ප්‍රධාන සමාගමක් ඉවත්වෙයි (වීඩියෝ)

කොළඹ කොටස් වෙළඳපොළෙහි ලැයිස්තු ගත විශාලතම සමාගම වන එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ එම සමාගමෙහි ප්‍රධානතම කොටස් හිමිකරුවන් වන ජපාන සමාගම විසින් මේ සම්බන්ධයෙන් සිදුකරන ලද ඉල්ලීමක ප්‍රථිපලයක් ලෙසින් බවයි වාර්තා වන්නේ.

කොළඹ කොටස් වෙළඳපොලෙහි ලැයිස්තුගත විශාලතම සමාගම වන එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් සමාගමේ මෙලෙස කොළඹ කොටස් වෙළඳපොළෙන් ඉවත්වීමට තීරණය කර ඇත්තේ එහි ජාත්‍යන්තර මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින්.

ඒ අනුව, මෙම සමාගමේ වැඩිම කොටස් ප්‍රමාණයක් හිමි ජපානයේ SG හෝල්ඩින්ග්ස් ග්ලෝබල් පෞද්ගලික සමාගම විසින් සිදු කළ ඉල්ලීමකට අනුව ඊයේ දිනයේ දී එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් හි අධ්‍යක්ෂ මණ්ඩලය මෙම තීරණය ගෙන තිබෙනවා.

එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් සමාගමෙහි ප්‍රධාන කොටස්කරුවා සහ මුලු ප්‍රාග්ධනයෙන් 82.43% ක හිමිකරුවා වන ජපාන සමාගම, එහි අනෙකුත් සියලුම කොටස් හිමිකරුවන් සතු කොටස් මිලදී ගැනීමටත් කටයුතු කරනු ඇති බවටයි වාර්තා වන්නේ.

මේ වන විට රුපියල් 150.00 සීමාවේ පවතින සමාගමේ එක් කොටසක් මෙම ගනුදෙනුවේ දී රුපියල් 185.00ක මුදලකට මිලදී ගැනීමට සිය සමාගම කටයුතු කරන බවයි එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් නිවේදනය කරන්නේ.

කෙසේ වෙතත් මෙම යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සහ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය ලබා ගැනීම සඳහා වන අතිවිශේෂ මහා සභා රැස්වීම ලබන මාර්තු 27 වැනිදා පස්වරු 4.00ට වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සමාගම පවසනවා.

එමෙන්ම එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් සමාගම වැඩිදුරටත් පවසන්නේ මෙලෙස සිය සමාගම කොළඹ කොටස් හුවමාරු ලැයිස්තුවෙන් ඉවත්වීමට ගෙන ඇති තීරණය සම්බන්ධ ඉදිරි කටයුතු කොටස් හිමිකරුවන්ගේ සහ නියාමන අධිකාරියේ අනුමැතීන් අනුව සිදුවනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57