කොමඩු වගාවක් කර දින 60කින් ලක්ෂ හතලිහක් හොයපු ගොවියෙක් (වීඩියෝ)

අනුරාධපුර – තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවියෙකු නවීන තාක්ෂණය යොදාගෙන අක්කරයක සිදුකළ කොමඩු වගාවකින් දින හැටක් තුළදී රුපියල් ලක්ෂ හතළිහක ආදායමක් ලබාගෙන තිබෙනවා.

තිරප්පනය – ඌරාකොටේ ගම්මානයේ කොමඩු වගා කළ 39 හැවිරිදි බුද්ධික සුදර්ශන නැමැති මෙම ගොවියා ගල්කුලම ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක්.

අක්කරයක සිදුකළ කොමඩු වගාවෙන් ඔහු කිලෝ විසි එක්දහසක පමණ අස්වැන්නක් ලබාගෙන තිබෙනවා.

එලෙස ලැබූ අස්වැන්න ඔහු කිලෝ එකක් රුපියල් 180 ක මුදලකට අලෙවි කිරීමෙන් තමන්ට මෙම ඉහළ ආදායමක් ලබාගැනීමට හැකි වූ බවයි ඔහු කියා සිටියේ.

වර්ෂාව පවතින කාලවලදී ගොවි මහතුන් කොමඩු වගාව සිදු නොකල ද අධික වර්ෂාව පැවති දෙසැම්බර් මාසයේදී නවීන තාක්ෂණය යොදාගෙන අවධානමක් ගෙන කොමඩු වගාව සිදුකිරීම හේතුවෙන් වෙළඳපල වටිනාකම මත තමන්ට මෙවැනි ඉහළ ආදායමක් ලබාගැනීමට හැකි වූ බව ඔහු පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා
01:48
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් කොටුවෙයි
01:48
Video thumbnail
කොල්ලූපිටියේ නිවාස සංකීර්ණයක් රත් කළ වෙ#ල්ල
01:07
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි
01:45
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා - මොහු දුටු තැන පොලිසියට දැනුම්දෙන්න
01:59
Video thumbnail
ඔයා ඔහොම Selfie ගහන එක වැරදියි නේද ?කවද්ද අපි කෙඳිරිගෑවේ ?කවුද කෙඳිරිගෑවේ ?
02:00
Video thumbnail
නාමල්ව ඇතුළට දැම්මොත් දෙගුණයක් සෙනඟ ගේනවා - නාමල්ව ඇතුළට දානවා කියලා ගමට මැසේජ් යවලා
01:58
Video thumbnail
"අද නාමල්ව ඇරස්ට් කරපු ගමන් රතිඤ්ඤා දාලා බැනර් ගහන්න කියලා"
00:22
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ ඉරාජ් - අම්මෝ..ඩෝබිලා හරි ආසයි මේවට..නාමල් විපක්ෂ නායකද ?
02:02
Video thumbnail
"ප්‍රසන්න රණවීර එක්කත් සෙල්ෆි ගන්න පොරකන මිනිස්සු"
00:12