කොක්කුතුඩුවායි සමූහ මිනී වළවල් ගැන පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් අනාවරණයක් (ඡායාරූප)

කොක්කුතුඩුවායි සමූහ මිනී වළ 1994 සිට 1996 දක්වා කාලයකට අයත්විය හැකි බවට සමූහ මිනී වළ සම්බන්ධයෙන් කැනීම් කටයුතුවලට එක් වූ පුරාවිද්‍යා නිළධාරීන් නිගමනය කරන බවට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් මඟින් දන්වා ඇති බව මුලතිව් දිස්ත්‍රික් රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පවසනවා.

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනී වළ කැනීම පිලිබඳ මේ දක්වා තත්වය සම්බන්ධයෙන් විශේෂඥ කමිටු වාර්තාව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම ඊයේ (22) දින සිදුකළ අතර, අදාළ විමර්ශනයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් වෛද්‍ය නිලධාරීවරයා එලෙස පැවසුවා.

කොක්කුතුඩුවායි සමූහ මිනී වළ සම්බන්ධයෙන් මේ දක්වා කැනීම් කටයුතු වලින් ලබාගත් දෑ, කැනීම් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන වාර්තාවක් කැනීම් කමිටුව විසින් මුලතිව් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කොට තිබුණා.

සමූහ මිනී වළ නැවත කැනීම මාර්තු මස 04 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර, කැනීම් කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම ගැටළුවක් වී ඇති බව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් සඳහන් කර සිටියා.

ජල සම්පාදන මණ්ඩල සේවකයින් පිරිසක් ජල නළ එලීමක් වෙනුවෙන් කානුවක් කැපීමේ දී අදාළ ස්ථානයෙන් පළමු වතාවට මිනිස් අස්ථි කොටස් කිහිපයක් 2023 ජුනි 29 වැනිදා හමුව තිබුණා.

අස්ථි කොටස් හමුවු ස්ථානය 2023 ජුනි 30 වැනිදා මතභේදාත්මක සේවා හැරයාමක් සිදුකළ මුලතිව් හිටපු මහේස්ත්‍රාත් ටි.සරවනරාජා විසින් පරීක්ෂා කළ අතර, එහිදී නියෝග කරනු ලැබුවේ අස්ථි හමුවු ස්ථානයේ කැනීම් කටයුතු 2023 ජුලි 06 වැනිදා සිදුකරන ලෙසටයි.

අදාළ ස්ථානය සම්බන්ධයෙන් කැනීම් කටයුතු පළමු වතාවට 2023 ජුලි 06 වැනිදා සිදුකිරීමෙන් අනතුරුව නවතා දැමුනා.

සමූහ මිනී වළ කැනීම් කටයුතු දෙවැනි අදියර යටතේ 2023 සැප්තැම්බර් 06 වැනිදා නැවත ආරම්භ කළ අතර, 2023 සැප්තැම්බර් 15 වැනිදා කැනීම් කටයුතු නවතා දැමුවා.

තෙවැනි අදියරේ කැනීම් කටයුතු 2023 නොවැම්බර් 20 වැනිදා ආරම්භ කොට 2023 නොවැම්බර් 29 වැනිදා අවසන් කෙරුණා.

සමූහ මිනී වළ තුළින් මේ දක්වා මිනිස් අස්ථි කොටස් 40 ක් ගොඩගෙන ඇති අතර, ගොඩගත් අස්ථි කොටස් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ වැඩිදුර පරීක්ෂාව වෙනුවෙන් මුලතිව් රෝහලේ විශේෂ කුටියක තැන්පත් කොට තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කෝකිලායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

Mulathive 4 1
Mulathive 7 2
Mulathive 6 2
Mulathive 5 1
Mulathive 3
Mulathive 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
07:43
Video thumbnail
"බලය දෙන්න අවුරුදු 3ක් ඇතුළත අලි මිනිස් ගැටුමට විසඳුමක් දෙනවා'' රාහුල හිමිගෙන් රටටම පොරොන්දුවක්
04:12
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලගෙන නීති විරෝධී වැඩ කරනවා
04:03
Video thumbnail
"කුරහන් සාටකය" කරෙන් ග#ලවගෙනම නාමල් උසාවිය ඇතුලට ගිය හැටි..නාමල් එක්ක කට්ටිය සෙල්ෆි ග#යි
05:45
Video thumbnail
නාමල් මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."ඔයාලා හික් හික් ගගා ඉන්න..මිනිස්සුන්ට මේකේ වේදනාව තියෙන්නේ"
11:51
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."රන්වලගේ මූණ මිරිකුවත් අරක්කු බාගයක් ගන්න පුළුවන්"
07:57
Video thumbnail
මෙතන රෝහලක් පවත්වාගෙන යන එක අවදානම්..වත්තෙගම දිස්ත්‍රික් රෝහල බලන්න ගිය සෞඛ්‍ය නි.ඇමති කිව්ව දේ
03:51
Video thumbnail
පදක්කමේ ලොක්කෙක් එක්ක ගැන්සි පිටින් බැහැලා පුද්ගලයෙක්ට තගදාලා..ප#රකෑ පුද්ගලයා සියල්ල හෙළිකරයි
01:26
Video thumbnail
බුත්තලදී සිදුවූ බිහිසුණු රිය අනතුර..බයික් එකක් ටිපර් එක ය# - පාරත් කඩාගෙන ගිහින්
01:03
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
00:00


?