කොක්කුතුඩුවායි සමූහ මිනී වළවල් ගැන පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් අනාවරණයක් (ඡායාරූප)

කොක්කුතුඩුවායි සමූහ මිනී වළ 1994 සිට 1996 දක්වා කාලයකට අයත්විය හැකි බවට සමූහ මිනී වළ සම්බන්ධයෙන් කැනීම් කටයුතුවලට එක් වූ පුරාවිද්‍යා නිළධාරීන් නිගමනය කරන බවට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් මඟින් දන්වා ඇති බව මුලතිව් දිස්ත්‍රික් රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පවසනවා.

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනී වළ කැනීම පිලිබඳ මේ දක්වා තත්වය සම්බන්ධයෙන් විශේෂඥ කමිටු වාර්තාව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම ඊයේ (22) දින සිදුකළ අතර, අදාළ විමර්ශනයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් වෛද්‍ය නිලධාරීවරයා එලෙස පැවසුවා.

කොක්කුතුඩුවායි සමූහ මිනී වළ සම්බන්ධයෙන් මේ දක්වා කැනීම් කටයුතු වලින් ලබාගත් දෑ, කැනීම් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන වාර්තාවක් කැනීම් කමිටුව විසින් මුලතිව් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කොට තිබුණා.

සමූහ මිනී වළ නැවත කැනීම මාර්තු මස 04 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර, කැනීම් කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම ගැටළුවක් වී ඇති බව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් සඳහන් කර සිටියා.

ජල සම්පාදන මණ්ඩල සේවකයින් පිරිසක් ජල නළ එලීමක් වෙනුවෙන් කානුවක් කැපීමේ දී අදාළ ස්ථානයෙන් පළමු වතාවට මිනිස් අස්ථි කොටස් කිහිපයක් 2023 ජුනි 29 වැනිදා හමුව තිබුණා.

අස්ථි කොටස් හමුවු ස්ථානය 2023 ජුනි 30 වැනිදා මතභේදාත්මක සේවා හැරයාමක් සිදුකළ මුලතිව් හිටපු මහේස්ත්‍රාත් ටි.සරවනරාජා විසින් පරීක්ෂා කළ අතර, එහිදී නියෝග කරනු ලැබුවේ අස්ථි හමුවු ස්ථානයේ කැනීම් කටයුතු 2023 ජුලි 06 වැනිදා සිදුකරන ලෙසටයි.

අදාළ ස්ථානය සම්බන්ධයෙන් කැනීම් කටයුතු පළමු වතාවට 2023 ජුලි 06 වැනිදා සිදුකිරීමෙන් අනතුරුව නවතා දැමුනා.

සමූහ මිනී වළ කැනීම් කටයුතු දෙවැනි අදියර යටතේ 2023 සැප්තැම්බර් 06 වැනිදා නැවත ආරම්භ කළ අතර, 2023 සැප්තැම්බර් 15 වැනිදා කැනීම් කටයුතු නවතා දැමුවා.

තෙවැනි අදියරේ කැනීම් කටයුතු 2023 නොවැම්බර් 20 වැනිදා ආරම්භ කොට 2023 නොවැම්බර් 29 වැනිදා අවසන් කෙරුණා.

සමූහ මිනී වළ තුළින් මේ දක්වා මිනිස් අස්ථි කොටස් 40 ක් ගොඩගෙන ඇති අතර, ගොඩගත් අස්ථි කොටස් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ වැඩිදුර පරීක්ෂාව වෙනුවෙන් මුලතිව් රෝහලේ විශේෂ කුටියක තැන්පත් කොට තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කෝකිලායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

Mulathive 4 1
Mulathive 7 2
Mulathive 6 2
Mulathive 5 1
Mulathive 3
Mulathive 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39