කෙහෙළියට එරෙහි බාල එන්නත් නඩුව හෙට කැඳවයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව හෙට (11) කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතයි.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධිචෝදනා සලකා බැලූ මහේන් වීරමන්, ප්‍රදීප් අබේරත්න හා අමාලි රණවීර යන විනිසුරු මඬුල්ල අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඉකුත් 7 වැනිදා නියෝගය කළා.

ඒ සියලුම විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර භාරදීමට නියමිත යි.

එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙන් ම හිටපු කැබිනට් ඇමතිවරුන් සිව් දෙනකු ද නම් කිරීමට නීතිපතිවරයා පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?