spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෙටි සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ප්‍රංශ ජනාධිපති පිටව යයි (ඡායාරූප)

ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්ක්‍රෝන් කෙටි සංචාරයක් සඳහා ඊයේ (28) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

ප්‍රංශයට අයත් ගුවන් යානා 03 කින් ඊයේ (28) රාත්‍රී 11.35ට පමණ පැපුවා නිව්ගිගිනියාවේ පෝර්ට් මොරෙස්බි ගුවන් තොටුපොළේ සිට ප්‍රංශ ජනාධිපතිවරයා රැගත් ඒ- 330 එයා බස් වර්ගයේ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

ඊට අමතරව තවත් ඒ- 330 එයා බස් වර්ගයේ ගුවන් යානයකින් එරට රාජතාන්ත්‍රික දූත පිරිස පැමිණි අතර, ෆැල්කන් – 07 වර්ගයේ ගුවන් යානයකින් ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් පැමිණ තිබුණා.

ඔහුව පිළිගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමතිවරුන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

එහිදී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා නිමාවෙන් පසු අද (29) අලුයම 01.44ට ප්‍රංශ ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය ප්‍රංශයේ පැරිස් නුවර බලා සහ අනෙක් ගුවන් යානා දෙක ඩුබායි බලා, කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
20
+1
2
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?