කෙටි සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ප්‍රංශ ජනාධිපති පිටව යයි (ඡායාරූප)

ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්ක්‍රෝන් කෙටි සංචාරයක් සඳහා ඊයේ (28) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

ප්‍රංශයට අයත් ගුවන් යානා 03 කින් ඊයේ (28) රාත්‍රී 11.35ට පමණ පැපුවා නිව්ගිගිනියාවේ පෝර්ට් මොරෙස්බි ගුවන් තොටුපොළේ සිට ප්‍රංශ ජනාධිපතිවරයා රැගත් ඒ- 330 එයා බස් වර්ගයේ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

ඊට අමතරව තවත් ඒ- 330 එයා බස් වර්ගයේ ගුවන් යානයකින් එරට රාජතාන්ත්‍රික දූත පිරිස පැමිණි අතර, ෆැල්කන් – 07 වර්ගයේ ගුවන් යානයකින් ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් පැමිණ තිබුණා.

ඔහුව පිළිගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමතිවරුන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

එහිදී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා නිමාවෙන් පසු අද (29) අලුයම 01.44ට ප්‍රංශ ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය ප්‍රංශයේ පැරිස් නුවර බලා සහ අනෙක් ගුවන් යානා දෙක ඩුබායි බලා, කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38