කැවුම් කොකිස් වල රසබලමින් , ඔන්චිලි පදින විදේශිකයන්

සංචාරක කර්මාන්තය නඟා සිටුවීමේ අරමුණින් වාද්දුව බ්ලූ වෝටර් හෝටලය සංවිධානය කළ බක් මහ උළෙලක් අද එම හෝටල් පරිශ්‍රයෙදී සිදුකරන ලදී.

හෝටලයේ නවාතැන් ජර්මනිය , එංගලන්තය, රුසියාව ආදී රටවල විදේශිකයන් මේ සදහා උනන්දුවෙන් සහභාගි වන අයුරු දැකගත හැකිවිය.

කැවුම් කොකිස් වැනි අවුරුදු කෑම ක්ෂණිකව පිලියෙල කරදුන් අතර, පොල් රා සහ තැඹිලි වැනි දෑ පිලියෙල කර තිබූ අතර විදේශිකයන් ඒවායේ රස බලමින් ඔන්චිලි පැද විනෝද වන අයුරුද දැකගත හැකිවිය.

විදේශිකයන් කනමුට්ටිය බිදීම, අලියට ඇස තැබීම සහ කොට්ට පොර ගැසීම සහ ගෝනියේ බැස දිවීම තරග සදහා සහභාගි විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?