කාන්තාවන් බිය කර පැළද සිටින රන් ආභරණ කොල්ලකන කණ්ඩායමක් සොයා විමර්ශන

පිස්තෝලයක් වැනි ගිනි අවියක් පෙන්වා කාන්තාවක් බිය කර ඇය පැළද සිටි රන් දම්වැල සහ පෙන්ඩනය කඩා ගෙන පලා ගිය බව කියන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණයක් ආරම්භ කර ඇති බව වනාතවිල්ලුව පොලීසිය පැවසීය.

ඉකුත් 30 වෙනිදා වනාතවිල්ලුව – 06 කණුව ප්‍රදේශයේදී මෙම කොල්ලය සිදුවී ඇත.

වනාතවිල්ලුව – ස්මායිල්පුරම් පදිංචිකාරියක් වන මාරසිංහ පේඩිගේ සුජීවා දීපානි මාරසිංහ යන අය විසින් සිදු කර ඇති පැමිණිල්ලට අනුව පොලීසිය මෙම විමර්ශණය ආරම්භ කර ඇත.

තමන් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි බවත්, තවත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වනාතවිල්ලුව – 06 කණුව ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී තම යතුරු පැදිය මාර්ගය හරස් කර නවත්වා පිස්තෝලයක් වැනි ආයුධයක් පෙන්වා තමාව බිය කර පැළද සිටි රන් දම්වැල සහ පෙන්ඩනය කොල්ලකා පලා ගිය බව පැමිණිළිකාරිය පොලීසිය හමුවේ පවසා ඇත.

කොල්ලකරුවන් විසින් පැහැර ගෙන ගිය බව කියන රන් දම්වැල සහ පෙන්ඩනයේ වටිනාකම පැමිණිළිකාරිය සටහන් කර නැත.එමෙන්ම කොල්ලකරුවන් කව්රුන්ද යන්න ඇය හදුනා ගෙන නොමැති බවත් පොලීසිය කියයි.
වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23
Video thumbnail
මහ භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර් කෙනෙක්ට ගිහින්..නලින්ද සියල්ල එළියට එයි
02:51
Video thumbnail
ජනපති පත්කරපු ලේකම් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
10:28
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන ඇමති නලින්ද කැබිනට් මාධ්‍ය හමුවේදී කට අරියි..එකක්වත් අත් හරින්නේ නෑ
07:08
Video thumbnail
අපි හැමදේම තියාගෙන දේශපාලනයට ආව මිනිස්සු..බොරු කියලා පච කියලා අන්දපු මේ වගේ ආණ්ඩුවක් තවත් නෑ
06:25
Video thumbnail
හයිවේ බස් එකේ වීරයා වෙන්න ගිහින් අන්තිමට නෝන්ඩි වුණ හැටි
01:14
Video thumbnail
සජබයේ ඇමතියෙක් හොරකම් කළා නම් අනිවාර්යෙන් දඬුවම් දෙන්න ඕනි.. l S. M. Marikkar
03:53
Video thumbnail
සංජීවගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
07:22
Video thumbnail
සුරේෂ් සලේ දැඩි ආරක්ෂාවක් මැදින් කොටුව උසාවිය
01:43