ප්රශ්නගත ක්රිෂ් ගනුදෙනුවේදී සිදු වූ බව කියන මහා පරිමාණ මූල්ය වංචා අනාවරණය කර ගැනීමට විමර්ශන අංශ වෙත ඕනෑම අවස්ථාවක සහාය දෙන බව ව්යාපාරිකයෙක් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ ඊයේ (15) දැනුම් දුන්නා.
අදාළ ව්යාපාරිකයා මෙම ගනුදෙනුවලට අදාළ මුදල් හුවමාරු කළ බව කියන බැංකු ගිණුමක හිමිකරුවකු බව ව්යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය මාරඹේ අධිකරණය හමුවේ පැවසුවා.
රහස් පොලීසිය මඟින් කළ විමර්ශනවලට අදාළව ව්යාපාරිකයා භාරයේ තිබී අත්අඩංගුවට ගත් ලැප්ටොප්, ජංගම දුරකතන ඇතුළු සන්නිවේදන උපකරණ යළි ලබා දෙන ලෙස ඉල්ලා සිටීමට අදාළව පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ දී නීතිඥවරයා මේ බව අධිකරණය හමුවේ පැවසුවා.
මේ වන විට ඕස්ට්රේලියාවේ සිටින නිමල් පෙරේරා යන අය දුන් ප්රකාශවලින් අනතුරුව අවස්ථා 3කදී අදාළ ව්යාපාරිකයා විසින් ප්රකාශ දී ඇති බවද නීතිඥවරයා සඳහන් කළා.
මෙහිදී මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවසා සිටියේ, ව්යාපාරිකයා සතුව තිබී අත්අඩංගුවට ගත් උපකරණ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බවයි.
ඊට අදාළ රස පරීක්ෂක වාර්තාවන් ලැබීමෙන් අනතුරුව භාණ්ඩ හිමිකරුවන්ට ලබා දීම සම්බන්ධයෙන් වන තීරණය අධිරණය දැනුම් දෙන බවද විමර්ශන නිලධාරීහු පවසා සිටියා.
අද (16) දිනයේ ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටිව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන යන අය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
